නොවැම්බර් 1, 2009

“සරණ සෙවන” ළමා නිවාස ව්‍යාපෘතිය

Posted in Community Work tagged , , , , , at 1:25 පෙ.ව. විසින් e08creations

අපේ දෙවන සමාජ සේවාව විදියට අපි තෝරාගත්තේ මහනුවර, මාවිල්මඩ, “සරණ සෙවන” ළමා නිවාසයේ අනාථ ළමුන් සමඟ දිනක් ගතකොට, ඔවුන්ට ආහාර පානයෙන් සංග්‍රහ කොට, අවශ්‍ය කළමණා කිහිපයක් ප්‍රදානය කිරීම. 2009 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා උදේ 7.30 වෙද්දි සියලු දේ ලෑස්ති කරගෙන “සරණ සෙවන”ට ගොඩවැදුණු අපි එදා දවසම ඔවුන් එක්ක හරිම සතුටින් කාලය ගත කළා. [ඔයගොල්ලන්ට බලාගන්න පින්තූර තියනවා මෙන්න මෙතන :) ]

එදා දවස තුළ ඔවුන්ගේ උදේ ආහාරය, දවල් ආහාරය, උදේ සහ සවස තේ සංග්‍රහ කරපු අපි අනෙක් කාලය ගත කළේ ළමුන් සමඟ කෙළිදෙළෙන්. ළමා කාලයේ ගොඩක් දුක් ගැහැට වලට මුහුණ දුන්නු මේගොල්ලන්ගේ නපුරු අතීතය අමතක කරවන්න අපිට යමක් කරන්න පුලුවන් නම් අපි ඒක එදා උපරිමයෙන් ඉයුකළ බව සතුටින් කියන්න ඕනෙ. ළමා ලෝකය කොයි තරම් නම් සුන්දරද? මොවුන්ගේ ඒ සුන්දර ළමා විය විනාශ කළ (ඇතැම්) දෙමාපියන් සිත් පිත් ඇත්තවුන්ද? ඒවා තමයි අපේ සිත් වලට නැගුණු ප්‍රශ්න. ඒ ප්‍රශ්න වලට පිළිතුරු නොලැබෙන බව අපි දන්නා නිසා අපි ඒ කිසිවක් ගැන කතා කොනර, ඔවුන්ගේ අනාගතය සුන්දර කරන්න අවශ්‍ය ගුරුහරුකම් ලබා දුන්නා.

ඒ සමඟම ක්‍රිකට් සෙල්ලම් කළා. ෂා.. කොල්ලගෙ ක්‍රිකට් නම් උපරිමයි. ඔවුන්ගෙ පිටියේ පදු රැකීම කොතරම් විශිෂ්ටද කියනවා නම් ඔවුන් විකට්ටුවට පන්දුවක් එල්ල කළ අවස්ථාවහිදී එය විකට්ටුවෙන් මඟහැරී ගියේ ඉතාමත් කලාතුරකින්. ඔවුන්ට ඒ අංශයෙන් නම් විශිෂ්ට අනාගතයක් ඇති බව අපිට පැහැදිලිව පෙනුණා. ඒ අතරම ඔවුන්ට, පොත පතේ වැඩ හොඳට කිරීමේ වැදගත්කමත් අපි පෙන්නා දුන්නා. ඔවුන් ඒවා හිතට ගත්තා කියලත් කිව්වා. අපි ඔවුන්ගෙ දියුණුව බලන්න නැවතත් යන්න තමයි කල්පනාව.

ළමුන්ගෙ මානසික තත්ත්වය හදනවත් එක්කම අපි තවත් දෙයක් කළා. ඒ තමයි ළමා නිවාසයේ විදුලි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය, රැපියල් 5000ක් පමණ වටිනා ප්‍රතිදීපන පහන් කට්ටල 10ක් ප්‍රදානය කිරීම. ඔවුන්ගෙ දිවිය ආලෝකමත් කරන්න ඒවගෙන් පොඩි හෝ සේවයක් වේවි කියලා තමයි අපේ බලාපොරොත්තුව.

අපි වැඩසටහන අතරතුර ළමුන්ට චූටි චිත්‍රපටයකුත් පෙන්නුවා. ඊට පස්සෙ තවත් පැයක් විතර ඔවුන් එක්ක සින්දු කියලා, ඔවුන්ගෙ දක්ෂතාත් නරඹලා, තවත් පැය බාගයක් පමණ ඔවුන් වෙනුවෙන් දිරිමත් කරන්න කතා කරලා තමයි අවසානයේ නිවෙස් බලා ආවේ. දවසේ වැඩකටයුතු සිද්ධවෙච්ච ආකාරය ගැන අපි හැමෝටම පුදුමාකර සතුටුයි. ඒක හැමෝගෙම මූණ කටින් පවා දිස් වුණා…
මේ තියෙන්නෙ එදා අපි කළ වැඩසටහනේ අවශේෂයන් :

Follow

Get every new post delivered to your Inbox.