මාර්තු 5, 2010
Cric-E කුසලානය E/08 කණ්ඩායමට
මේ කියන්න යන්නේ සරසවියට ආවාට පසු, කණ්ඩායමක් විදිහට අප ලබාගත් විශිෂ්ටතම ජයග්‍රහණය ගැනයි. ඒ තමා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨ ශිෂ්‍ය කණ්ඩායම් අතර වාර්ෂිකව පැවැත්වෙන Cric-E අභියෝගතා කුසලාන ක්‍රිකට් තරඟාවලි ජයග්‍රහණය! මෙවර එම කුසලානයේ සාඩම්බර හිමිකරුවන් වූයේ 2008 සිසු කැළ වන අපයි. මේ තරඟාවලිය පැවැත්වුණේ පසුගිය පෙබරවාරි වන 20, 21 දිනවලයි. ඒ ගැන සටහනක් තබන්න මේ තරම් පරක්කු වුණේ පසුගිය දවස් ගණන පුරාවටම අපට යෙදී තිබුණු ව්‍යාපෘති සහ විභාග හේතුවෙනුයි. පළමු වසර ශිෂ්‍ය කණ්ඩායමක් විසින් මේ කුසලානය දිනාගන්නට යෙදුණු පළමු අවස්ථාව මේකයි. ඒ නිසා මේ ජයග්‍රහණය ඉතිහාසගත එකක්!
මෙහිදී අප සමඟ තරඟ වැදුණු කණ්ඩායම් ගණන 4ක්. E/04, E/05, E/06, E/07 යන කණ්ඩායම් සියල්ල සමඟ තරඟ කොට ජයගන්නට මෙහිදී අප සමත් වුණා. තරඟාවලියේ මුල් කොටස පැවැත්වුණේ ලීග් ක්‍රමයට. එහිදී සෑම කණ්ඩායමක්ම අනෙක් කණ්ඩායම් සියල්ල සමඟ තරඟ වැදුණා. අපේ මුල්ම තරඟය පැවැත්වුණේ E/07 කණ්ඩායම සමඟයි. එහි ප්‍රතිඵලය වූයේ අනපේක්ෂිත වගේම දැවැන්ත පරාජයක්. අපේ මුළු කණ්ඩායමම තරඟයට නියමිත පන්දු වාර 8 තුළ දවාගන්නට E/07 කණ්ඩායමේ සොයුරන් සමත් වුණා. එහිදී අප ලබාගත් ලකුණු 37, Cric-E ඉතිහාසයේ එක් කණ්ඩායමක් ලබාගත් අඩුම ලකුණු සංඛාව බව ලැජ්ජාවෙන් වුවත් පැවසිය යුතුයි.
මේ තරඟය අවසානයේ අපේ දුර්වල ක්‍රීඩා විලාශය විස්තර විචාරක අට්ටාලයේ නොමඳ හාස්‍යයට ලක් වුණා. නමුත් තමන්ට වැරදුණු බව ඔවුන්ට පසක් වුණේ මීළඟ තරඟ 3ම අප පිට පිට ජයග්‍රහණය කිරීමත් සමඟයි.
මේ තරඟ ජයග්‍රහණය කිරීමෙහිලා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළ ක්‍රීඩකයන් කිහිපදෙනෙක් සිටියා. ඔවුන් අතර පිත්තෙන්, පන්දුවෙන් හා පන්දු රැකීමෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ චින්තක අත්තනායක හෙවත් ‘සිඩෑන්’, ධනුෂ්ක රාජපක්ෂ හා රොෂාන් ආරියරත්නත්, ඉතා අවම ලකුණු ප්‍රමාණයක් ප්‍රතිවාදීන්ට ලබාදෙමින් ඔවුන් දැඩි පීඩනයට ලක්කළ අරවින්ද වෑත්තෑවත් සිහිපත් කළ යුතුමයි. මෙම තරඟ තුනෙන් E/04 කණ්ඩායම සමඟ තරඟය එක් අතකින් විශේෂයි.
එහිදී ඔවුන් එක් අවස්ථාවක පළමුව පන්දුවට පහරදී ඕවර 7ක් තුළ ලකුණු 25 ක් ලබා එක් කඩුල්ලක් පමණක් අතැතිව දැඩි අපහසුතාවකට ලක්ව සිටියා. තරඟය පන්දුවාර 8කින් පමණක් සමන්විත වූ නිසා අප ලැබූ අවම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ඔවුන් ලවා බිඳහෙළවන්නට අප බලාපොරොත්තු වුණා. නමුත් 8 වන පන්දු ඕවරය අවසානයේ අපට දක්නට ලැබුණේ සහමුලින්ම වෙනස් ලකුණු පුවරුවක්. ඒ අනුව ඔවුන් ලකුණු 47ක් ලබා සිටියා. ඒ දැවැන්ත පන්දු ඕවරයේ හිමිකරුවා කවුද?
කෙසේ වෙතත් ඒ අවසථාවේ හුදකලා සටනක නිරත වෙමින් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ධනුෂ්ක කුලරත්න සොයුරාත් සිහිපත් කළ යුතුයි. ඒ වගේම අරවින්ද වෑත්තෑව සොයුරා පන්දුවාර දෙකක් තුළ ලකුණු දෙකක් පමණක් ලබාදී කඩුළු 2ක් දවාගත්තේ මේ තරඟයේදී බවත් සටහන් කිරීම වටිනවා.
මේ අනුව ඉතා විශිෂ්ට දක්ෂතා පෙන්වමින් පළමු පරාජයේ අළු ගසා දමමින් අවසන් තරඟයට සුදුසුකම් ලැබූ අපට නැවතත් මුණගැසුණේ පළමු තරඟයේ අප පරාජය කළ E/07 කණ්ඩායමයි. එහිදී මුලින්ම පන්දුවට පහරදුන් අප පන්දු ඕවර 10ක් අවසානයේ කඩුළු 4කට ලකුණු 80ක් ලබාගත්තා. මෙහිදී සුපිරි පිතිහරඹයක නිරත වූ චින්තක අත්තනායක, අවසාන මොහොත දක්වා කඩුල්ලේ රැඳී සිටිමින්, ඉතා අලංකාර කවර් ඩ්‍රයිව් පහරවලින් පිටිය වර්ණවත් කරමින් ලකුණු 31කින් කණ්ඩායම ශක්තිමත් කළා.
ඉන් අනතුරුව දෙවනුව පන්දුවට පහරදුන් E/07 කණ්ඩායම ද ප්‍රවේගවත් පිතිහරඹයක නිරත වෙමින් තරඟය උද්වේගකර අවසානයක් දක්වා ගෙන ආවා. නමුත් අවසාන පන්දුවාර 3න් දෙකක් යවමින් ඉතා අවම ලකුණු ගණනක් පිරිනමමින් කඩුළු 2ක් දවාගත් චින්තක අත්තනායක නිසා E/07 කණ්ඩායමට ජයග්‍රහණයට ලකුණු 6ක් පසුපසින් නවතින්නට සිදු වුණා. අවසානයේ ලකුණු පුවරුව දිස් වූයේ E/07 කණ්ඩායම පන්දුවාර 10 තුළ සියලුදෙනා දැවී ලකුණු 74ක් වශයෙන්. එය අපගේ අනභිභවනීය ජග්‍රහණය සටහන් කළා. සෑම දෙනා තුළම දක්නට ලැබුණේ නිම් හිම් නැති සතුටක්. එය සැබැවින්ම කණ්ඩායමේ එකමුතුකමේත්, චින්තක පෙන්වූ විශිෂ්ට දක්ෂතාවන්හිත් ප්‍රතිමූර්තියක් බඳුයි. අවසානයේ එදින වැඩිපුරම කතාබහට ලක්වූ ක්‍රීඩකයා වූ චින්තකට තරඟාවලියේ වීරයා සම්මානය හිමි වුණා. එසේම අවසන් තරඟයේදී උඩපන්දුවක් රැකගැනීමට දැරූ උත්සාහයකදී දැඩි ආබාධයකට ලක්ව සිටියත් පන්දුවාර 2ක් යවමින් කණ්ඩායමට ජයග්‍රහණය ගෙන ඒමට ඔහු ක්‍රියා කළ බව හෘදයාංගමව සිහිපත් කළ යුතුයි. ඒ සමඟම, තරඟාවලිය පුරා ඉතා උද්‍යෝගිමත්ව, එකාවන්ව තරඟ වැදුණු අප කණ්ඩායමේ එකමුතු බවත් මේ අවස්ථාවේ අමතක නොකරම බැහැ. ජය ජය E/08….
ජයග්‍රාහී E/08 කණ්ඩායම:
- චින්තක අත්තනායක
- රොෂාන් ආරියරත්න
- ධනුෂ්ක රාජපක්ෂ
- අරවින්ද වෑත්තෑව
- ඉරූෂ පාලවත්ත
- කල්හාර ජයසිංහ
- ගිහාන් එදිරිසිංහ (wk)
- චමිත රත්නායක
- ගයාන් කෞෂල්‍ය
- කවින්ද කරුණාධිපති
- නිරෝෂන් යාපාරත්න
- අශාන් ඉමන්ත බණ්ඩාර (පළමු අතිරේක ක්‍රීඩක)
- කුෂාන් වීරසේකර (භෞතචිකිත්සක)
තරඟ දත්ත:
:: E/08 Vs. E/07 ::
E/08 : 37/10 (පන්දුවාර 7.1 )
E/07 : 38/4 (පන්දුවාර 5.3)
E/08 කණ්ඩායමට කඩුළු 6ක පරාජයක්
:: E/08 Vs. E/04 ::
E/04 : 46/7 (පන්දුවාර 8 )
ධනුෂ්ක කුලරත්න 23*
E/08 : 47/2 (පන්දුවාර 5.4)
E/08 won by 8 කණ්ඩායමට කඩුළු 8ක ජයක්
:: E/08 Vs. E/06 ::
E/06: 53/6 (පන්දුවාර 8 )
E/08: 54/2 (පන්දුවාර 6.4 )
E/08 කණ්ඩායමට කඩුළු 8ක ජයක්
:: E/08 Vs. E/05 ::
E/05: 58/8 (පන්දුවාර 8 )
E/08: 59/3 (පන්දුවාර 7.2)
E/08 කණ්ඩායමට කඩුළු 7ක ජයක්
==අවසන් මහා තරඟය==
:: E/08 Vs. E/07 ::
E/08: 80/4 (පන්දුවාර 10)
චින්තක අත්තනායක 31
ඉරූෂ පාලවත්ත 16*
E/07: 74/10 (පන්දුවාර 10)
E/08 කණ්ඩායමට ලකුණු 6ක ජයක්
තරඟාවලියේ වීරයා : චින්තක අත්තනායක (ලකුණු 91ක් කඩුළු 6ක් සමඟ උඩ පන්දු 6ක්)
ස්ථානය: රාහුල විදුහල් ක්‍රීඩාංගනය, කටුගස්තොට
දසුන්:







Aravinda said,
මාර්තු 6, 2010 at 1:04 පෙ.ව.
නියමයි මඡන්…
kathandara said,
මාර්තු 6, 2010 at 7:16 පෙ.ව.
It seems from the names of players that the NE schools still do not play cricket. I guess the situation will improve in the future.
e08creations said,
මාර්තු 6, 2010 at 10:59 ප.ව.
@ Kathandara: NE schools play cricket. But here it is different because this is a tournament among the non ragging students. Students from Kandy and Batticaloa usually become non raggers. But ragging prevails in almost all other Tamil students…
Gnanalingam said,
මැයි 22, 2010 at 11:03 ප.ව.
Nice to the earlier tradition of no ragging started in the Engineering faculty when we shifted from Colombo is still continuing! Best wishes for your group effort. Very please to see your activities on the web.
Wish you the very best in your Engineering carrier. Hope you will stay back in Sri Lanka to serve the nation and become a very good illustrative citizen. We are proud to have people like you among the young Engineering students. බොහෝම හොන්තෛ Keep it up. நன்றி=Thank you