සැප්තැම්බර් 3, 2009

පාළුව

Posted in Poetry tagged , , , at 10:39 ප.ව. විසින් e08creations

උඹ ගියාම දැනෙන්නට පටන්ගත්
එතෙක් නොදැනුණු පාළුව

අපිට අද දැනෙනවා… ඔව් දැනෙනවා
උඹටත් ඒ වගේම ඇති… අපි දන්නවා

කේක් කෑල්ලට, එකට, හිනා වෙලා හිටියාට
ඕනෙකමක් තිබුණෙ නෑ ඒකට
හිතට දුකයි උඹ යනකොට
අපි හිතින් අඬනවා
සත්තයි…..

ප.ලි. සිටියා නම් ඉතිරි සිව් වසරටත් අප සමඟ …
ඔබේ අහිංසක සිනහව
ඔබේ සුමිතුරු පහස
ඔබේ අනගි තෙපුල් බස්
මිතුරේ
සදානුස්මරණීයයි…
අපි සැමදා නුඹ ළඟයි
ගතින් දුරස් වූවත්
සිතින් අපි එක ළඟයි…

නාලක සංජීව නම් අප හිතාදර මිතුරාගේ වෙන්ව යාම නිමිත්තෙනි.

- E/08 සොයුරු කැළ

අගෝස්තු 29, 2009

I love to seek

Posted in Poetry tagged at 2:35 ප.ව. විසින් e08creations

Went, I, on a horse, in sleep,
Across a world I loved to seek;
Felt the comfort, I, and love,
In the bosom of mom, of all of us.

Galloping across a windswept plain,
Gazed I at the fabulous lake;
Lotus just stood over the waves,
Freshed my limbs the wind that came.

Covered by clouds, I saw a cliff,
Beneath
Was a thicket peeping over the mist, younger than it;
Blessed by the smile of baby Isis,
Galloped I across a lake of tulips.

A herd of sheep, I saw in a field,
Kissing the earth beneath their feet;
The hooves of the horses, the talking of the stream,
Soothe it does a weary man;
Adieu said I to the shepherd in field.

Ahead of me, was an endless plain, for life,
Quest I started, with a heart that pale;

Sad I was to hear my name,
And return to the world that I ………………

-Aravinda Wettewe
(E/08)

අගෝස්තු 26, 2009

ධන සහ ඍණ

Posted in Poetry tagged at 3:00 ප.ව. විසින් e08creations

කල්හාර ජයසිංහ නම් අපේ ළබැඳි සොයුරාගේ මිහිරි වදන් පෙළක්.
ප්‍රස්තුතය කුමක් දැයි වටහාගැනීම ඔබට බාර ය…

ඍණ: කියන්නට දෙයක් ඇත… මාර වැඩක් කළා මම උන්ට!
දකින විට උන්, මගේ දෙඇස් වලට අනින කටු
තුවාල වූ මගේ හිත කිව්වා මට පුළුවන් බව…

හිතේ හැකියාව – ගතේ නොහැකියාව අතර වැනෙන මම…
හිතට වහල් වුණෙමි.
අහෝ…
සිත නුඹ හරිම මෝඩයි, බොළඳයි…

වියදමට තිබූ පණං ටික පූජා කරගත්තා මම,
නොඉපදුණු දරු පැටවු
බොන්නට හිතුණා එවෙලේම,
බඩ කෑගැසුවා…
හිත දැඩි වුණා – මම බොළඳ වුණා…

උන් තිදෙනෙක්
යයි රිසි සේ
කළ වරදක් නැති බව
හැඟුණේ නැත ඒ මොහොතේ….

සිත දරුණු වුණා
කළෙමි වරදක් මම
ගතේ නොහැකියාව,
පැන්නේය ඉදිරියටම
වැදුණේ නැත උන්ට ඒ බිත්තර දෙකම!
පැරදුණු බව දැණුනා මට,
උන් ඉදිරියේ..

ධන: කියවන නුඹට,
කොටන විට කුණු කන කපුටන් උකුස්සන්ට,
උන් පස්සා හැරී නොකොටයි කපුටන්ට,
නොවැටී කපුටන් ගානට – උන් යයි අහසේ ඉහළට,
උඩට – උඩට යනවිට අඩුවන පීඩනයට
දරණු බෑ කපුටන්ට ඒ දුක
කලන්තය හැදී මොහොතක – උන් එයි නැවතත් පොළොවට…

එහෙත්,
අහෝ,
උකුස්සා තවමත් අහසේ…..

(19/08/2009)

Follow

Get every new post delivered to your Inbox.