අප්‍රේල් 13, 2010

අලුත් අවුරුද්දට තවත් එක් සුබ පැතුමක්!

Posted in Uncategorized tagged at 2:35 ප.ව. විසින් e08creations

ඔන්න එහෙනම් එළඹෙන සිංහල හා හින්දු නව වසරට පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙනුත් සුබ පැතුම්…!!! පහුගිය කාලය තුළ අප ඉගෙනගන්න ඉංජිනේරු පීඨය තුළ පැවැත්වුණු විශේෂ උත්සව සහ අවස්ථා ගැන ලිපි කිහිපයක්ම ලියන්නට නියමිතව තිබුණත් පසුගිය කාලය තුළ තිබ්බ අධික කාර්ය බහුල බව නිසා ලියන්නට වෙලාවක් ලැබුණේම නැහැ. ඒ නිසා ඒ ගැන ලිවීම අනාගතයට ඉතිරි කරමින් ඔබ සියලු දෙනා ඇතුළු සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවටම බතින් බුලතින් සපිරි, සාමය සතුට, සෞභාග්‍යය රජයන, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි පතනවා..!! ඒ එක්කම අපේ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිංහල දමිළ සියලුම සොයුරු සොයුරියනුත් අමතක කරන්නට බැහැ. ඔවුන්ටත් සාමය, සතුට, A+ සපිරි, කරදර අඩු, fun එක වැඩි, ජයග්‍රාහී සුබ නව වසරක් වේවා යැයි E/08 කණ්ඩායම වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා..!! :-D

දෙසැම්බර් 22, 2009

අභියෝග පිරි සමාසිකයක අවසානය

Posted in Uncategorized tagged , , at 10:32 ප.ව. විසින් e08creations

අපේ විශ්ව විද්‍යාල ජීවිතයේ මුල්ම සමාසිකය අවසාන වුණේ අද. සෑම අතින්ම අභියෝගාත්මක වූ මෙය අපේ ජීවිත වල විශාල වෙනසක් ඇති කළ කාලයක් වුණා. ආපසු හැරී බලනකොට අපිට ගෙවුණු පස් මාසය ගැන දැනෙන්නේ ඉතාමත් තෘප්තිකර හැඟීමක්. මේ කාලය තුළ පොත පත සමඟ විවිධාකාර බාහිර වැඩ කටයුතු රාශියක් සමබර කරගෙන ඉදිරියට යන්න හැකිවුණු බව සටහන් කරන්නේ හදපිරි සතුටින්. ඉතින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය තුළ ගතකරන ඉතිරි කාලයත් මේ ආකාරයටම ප්‍රයෝජනවත් ලෙස ගතකරන්න හැකි වේ යැයි අප විශ්වසාස කරනවා. ගෙවුණු කාලය තුළ අපි කළ වැඩ, සිදුවුණු දෑ දකින්න නම් කලින් සටහන් එකිනෙක කියවන්න. ඒ සියල්ල ආපහු සඳහන් කිරීම අවශ්‍ය වන්නේ නැහැ. අලුත් සෙමෙස්ටරයක්, අලුත් වැඩපිළිවෙළක් සමඟින් ජනවාරි 10 වැනිදා අපි නැවත විශ්ව විද්‍යාලයට එනවා. එතෙක් හැමෝටම සුබ නත්තල් නිවාඩුවක්! :)

අගෝස්තු 22, 2009

ආයුබෝවන්!

Posted in Uncategorized tagged , , at 9:42 පෙ.ව. විසින් e08creations

ආයුබෝවන්!
වෙබ් අවකාශය තුළ පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨ 2008 ශිෂ්‍ය කණ්ඩායමේ නිල බ්ලොග් අඩවියයි මේ…

Follow

Get every new post delivered to your Inbox.